පළමු වියමන - ආයුබෝවන් !

ආයුබෝවන් ! ඔන්න මමත් පටන් ගත්තා බ්ලොග් ලියන්න. මෙච්චර දවසක් අනිත් අය ලියපු බ්ලොග් මාත් බැලුවා. අද ඉදන් ඔබට පුළුවන් ම‍ගේ විශ්ව විසිරි වියමන බලන්න. බලලා විතරක් මදි. ප්‍රතිචාර දක්වන්නත් ඕනා හොඳ ද? නරක ද? කියලා. මගේ මේ පළමු වියමන බැලූ ඔබ සැමට ස්තූතියි.

මුහුණුපොතේ හදිසියෙන්ම දාපු ආරාධනාවට ගොඩක් ප්‍රතිචාර ඉක්මනින්ම ලැබුණා. එනවා කියපු අයටයි, එන්න බලන්නම් කියපු අයටයි, එන්න බෑ කියපු අයටයි හැමෝටම බොහෝම ස්තූතියි. විශ්ව විසිරි වියමන හැමදාම, ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් :






අද හොඳම දවස.. අද හොඳම දවස 
ඔබ එනවානම්...  

එහෙමත් නැත්නම් 

ඔබ එන්න...
ඔබ ඇවිත් යන්න එන්න...

කියල‍වත් මම කියන්නෙ නෑ.


පමා වැඩියි... 
‍ඔබ පමා වැඩියි...

කියලා විතරයි මම කියන්නෙ.

අවවාදයයි - ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ. පමා වී පසුතැවිලි නොවන්න.

මේ මුළු විශ්ව තලය පුරා විහිදුනු සිතුවිලි සම්භාරයෙන් බිඳක් හැකි පමණින් විශ්ව විසිරි වියමන තුළින් ඔබ සමීපයට ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. 

ඉදිරියේ දී හමුවෙමු විශ්ව විසිරි වියමන සමඟින්... එතෙක් ඔබ සැමට ආයුබෝවන් !